මුතු මාල රුවන් පට සේල නැතත් මම...

රතු මල්ලිලටයි, කොල පාට සමාජයටයි පින්සිද්ධ වෙන්න ඕං කැම්පස් එකෙන් එලියට එනකොට වයස විසිහයයි... වාසනාවට එක එකාගෙ පස්සේ යන්නේ නැතුව ආංඩුවේ සංස්ථාවක රස්සාවකුත් හම්බ උනාය කියමුකෝ... පරස්තාවට මොකද වෙන්නේ... ප්‍රථම ප්‍රේමයට අවුරුදු හයකුත් වෙච්චි... රස්සාවට ගිහින් අවුරුද්දකින් විතර ඉතින් අමාරුවෙන් උස්සවේට ලැස්ති උනා... හප්පට සිරි... රත්තරන් ඉතින් කවදත් හරි ගනන් නේ... මිත්‍රයෙකුත් එක්ක ඉතින් (මගේ දුකට සැපට ඕං අදත් යාලුවෝම තමා...) ඇයවත් ඉස්සර කරගෙන පපුව ගැහි ගැහී රත්තරන් බඩු කඩේ... ඇය ඉතාම චාම් මාලයක් තේරුවා... මම සූදානම් වෙලා ගිය ගනනින් භාගයක විතර... මම කොච්චර පෙ‍රැත්ත කලත් ඇය නෙවේ තීරනය වෙනස් කලේ... මගේ යාලුවටත් පුදුමයි... රත්තරන් වලට අකමැති ගෑනු අපි ඒ වෙනකොට අහලවත් තිබුනෙ නෑ... ඇය අදත් එහෙමමයි මගෙ අපහසු කම්, අමාරු කම්, තේරුම් අරගෙන, මාව සතුටින් තියන්න කැපවෙනවා... මට කවදාවත් සෝ තැවුලක් නොවුනු ඇය වෙනුවෙන් මේ ගීය...
කියන්නේ අතුල හා නාලිනී සෝමසිරි... අතුල සෝමසිරිගේ සිංදු හරිම ලස්සනයි "උඩහ ගෙදර රං එතනා...දෝතට දිය බොයි..." එතකොට "සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන" වගේ ඒවා... ඔය මදැ ඉතින් නලාව.. සිංදුව අහමුකෝ... නේ...?

මුතු මාල රුවන් පට සේල නැතත් මම, සෝක තැවුල් නොවෙමී...
හඳ පාන හලාගෙන මුහුණ පුරා හස පාන ලියේ සොඳුරේ...

පන වාගේ ලඟින් ඉඳ කාලේ ගෙවන්නට, රන් රස සේම වෙලී...
සිත සෝක තැවුල් මතු කාලේ දිගේ ගෙට ආව නමුත් බිය නෑ...

දු‍ටු සිහින විමානය පාලු නොවී ඇත, මගේ සිතේ මැවිලා...
බිඟු ගීත ගයාගෙන, රේණු හලාගෙන සුපිපි කුසුම් සනසයි...

සිංදුව අහන්න... ඕන්නම් බාගන්න... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න...

7 comments :

  1. හද ගී පොත වාසනාවන්තයි කියල මම හැමදාම කියනව. ගැහැණු රත්තරන් වලට ආස වගේම තමයි පිරිමිත් කැමති තමන් ආදරේ කරන ගැහැණියට රත්තරන් අරන් දෙන්න කැමති. මේ දවස් වල අපේ ගෙදරත් රත්තරන් මාල ගැන කතාව... මගේ සහෝ ගේ මංගල්‍ය ලගයි නෙ අනේ. හොරු ඉන්න නිසා ගෙදර ගෙනත් තියන්නත් බෑ....

    ReplyDelete
  2. හපොයි... මෙව්වයෙත් Cyber Thief ලා මේවා බලනවද දන්නේ නෑ...

    ReplyDelete
  3. මම දන්නේ නෑFebruary 14, 2010 at 11:31 PM

    ඔයා ජිවත් වෙන්න තොරන් තියෙන්නේ හොදම කෙනා...
    වාසනාවන්ත අනාගතයක් දෙන්නටම

    ReplyDelete
  4. රත්තරං වලට ආස නැතිනිසා නෙවෙයි. රත්තරං වලට වඩා අයියගෙ ආදරේ වටින නිසා නේද ඒ. ඒවගේ සහකාරියක් ලැබීම වාසනාවක්. මාත් ඒ වාසනාව ලැබූ කෙනෙක්.

    ReplyDelete
  5. @ මම දන්නේ නෑ: එක පිට එක කරදර ආපු කාලේ මට ඔහොම හිතුනු වාර අනන්තයි සොයුර...
    @දසයා මල්ලිට: දසයා මල්ලිට සියුම් දේවල් හොඳින් අහුවෙනවා වාගේ... ඔව් මලේ මේ තොරොම්බල් කාලේ අපි හැබෑම වාසනාවන්තයෝ...

    මටහිතෙන්නේ ඒ අතින් ඉස්සර කාලෙට වඩා අද තරුණියෝ හොඳයි කියලා...

    ReplyDelete
  6. රනින් සැරසී සිනා වතින් සපිරුණ ගැහැණිය හරිම සුන්දරයි. අහිමි රන් වෙනුවට මලින් සැරසී සිනා නගන ගැහැණිය ඒ සැමටම වඩා ලස්සනයි.

    ReplyDelete
  7. හුඟාක් ආසාවෙන් හොය හොය හිටපු සින්දුවක් හීනයක් වගේ මතකයක් තිවුනේ හරිම සතුටුයි අහන්න ලැබීම ගැන .... මාත් ඉතින් ඒ වාසනාව ලබපු කෙනෙක් .....

    ReplyDelete

 
Blogger Wordpress Gadgets