සුදෝ මම ආදරෙයි...

දැන් කාලේ එහෙම තමන්ගේ partner ට සුදෝ මම ආදරෙයි.. කිව්වොත් කොහොමට හිටීද...? එදායිංම වැඩේ අහවර වෙයි නේද... නමුත් මේ කතාව මීට අවුරුදු 35 කට කලින් විතර සිළුමිණ පත්තරේට "වික්‍රම"කියල මහත්තයෙක් ලියපු කතාවක්... "මයුරිගේ කතාව" පස්සේ චිත්‍රපටියක් නිර්මාණය උනා ඒ ඇසුරෙන්... වීණා ජයකොඩි තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ... තමන් එක්ක සැප දුක බෙදාගෙන හිටපු මනුස්සයා හදිසියේ මියගිය මයුරිට සැබෑවටම ආදරය කරන හදවතක් මුණගැහෙනවා... අවසානය මට මතක නැහැ... ගීතය ලියලා තියෙන්නේ ගාමිණී ෆොන්සේකා... සුජාතා අත්තනායක ඉතාම හැඟුම් බරව මේ ගීය ගයනවා...මයුරිගේ හැඟුම් ඔබටත් දැනෙයිද බලන්න...

නැතිවුණු ආදරයක් වෙනුවෙන්... හෙලන සුසුම් අන් හදක වැදී...
පැරුණු හදවත් එකිනෙක අමතා... කියන කතාවයි මේ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

හිතින් පලාගිය එක් ආදරයක්... දිහා කඳුලු පිරි නෙතින් බලා...
ඉන්නා අතරේ තව ආදරයක්... වෙත හදවත් දොර විවර කළා...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

ආයෙත් නොලැබෙන ආයෙත් නො එනා... ඒ ආදරයට ඉඩ දෙම්දෝ..
පාලු හදවතට සෙනෙහස පුදනා... මේ ආදරයට ඉඩ දෙම්දෝ...
සුදෝ මම ආදරෙයි... සුදෝ මම ආදරෙයි..

සෙනෙහස ඉතිරුණු ඒ ආදරයයි... සෙනෙහෙස අයදින මේ ආදරයයි...
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ...
ඔබට මම ආදරෙයි... ඔබටත් ආදරෙයි...

සිංදුව අහන්න.... ඕන්නම් බාගන්න.... ඔබේ සිතැඟිත් සටහන් කරලම යන්න

6 comments :

  1. සිංදුවෙ මියුසික් නං චාටර් නෙ? සිංදුවෙ අර්තයට ගැළපෙන්නෙ නෑ මදිවට අර්ථයට බාධා කරනවා, හරි ක්‍රමේට නං වෙන්න ඕනෙ අර්ථයට සප් කරන එක නෙ. අදකාලෙ ප්‍රයිවට් බස් සිංදුවල මීට වඩා වදන් වලට ගැළපෙන මියුසික් තියනවා. හොඳට කරන්න තිබුනු සිංදුව කාලා! :S

    ReplyDelete
  2. මට හිතෙන්නේ මලයෝ, චිත්‍රපටියේ දර්ශනය තිවූනේ, තරුණ පෙම්වතියගේ භූමිකාවක් නෙවෙයි, ටිකක් matured කෙනෙක් දෙගිඩියාවකින් පෙලෙන මොහොතක්... මයේ හිතේ ඒක වෙන්ටැ....

    ReplyDelete
  3. මම ‍ගොඩාක්ම කැමති ගිතයක්. සුජාතා අත්තනායන මහත්මිය‍‍ගේ ගායනය අතිවිශිෂ්ටයි

    ReplyDelete
  4. This is not Original & do u know Amaradewa also sing same this...but only for movie..cant find it

    ReplyDelete
  5. I simply love the song the way Sujatha sings the lyrics and the music ... the music does not bother me but the Song is so meaningful and it means a lot to me

    ReplyDelete
  6. නැතිවුනු ආදරයක් වෙනුවෙන්

    හෙලන සුසුම් අන් හදක ඇඳී

    පෑරුනු හදවත් එකිනෙක අමතා

    කියන කතාවයි මේ

    සුදෝ මම ආදරෙයි

    සිතින් පලාගිය එක් ආදරයක්

    දිහා කඳුළු පිරි නෙතින් බලා

    ඉන්නා අතරේ තව ආදරයක්

    වෙත හදවත් දොර විවරකලා

    සුදෝ මම ආදරෙයි

    ආයෙත් නොලැඛෙන ආයෙත් නොයෙනා

    ඒ ආදරයට ඉඩ දෙම්දෝ

    පාළු හදවතට සෙනෙහස පුදනා

    මේ ආදරයට ඉඩ දෙම්දෝ

    සුදෝ මම ආදරෙයි

    සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි

    සෙනෙහස අයදින මේ ආදරයයි

    කොහොම කෙලෙස තුරුලට ගම්දෝ

    ඔබට මම ආදරෙයි

    ඔබටත් ආදරෙයි... ඔබට මම ආදරෙයි

    ගායනය : සුජාතා අත්තනායක

    ගී පද : ගාමිණී ෆොන්සේකා

    සංගීතය : ලයනල් අල්ගම

    ReplyDelete

 
Blogger Wordpress Gadgets